පාලි හා බෞද්ධ අධ්‍යයනය අන්තර්ජාතික පරිසංවාදය 2016

  • Print
  • E-mail

කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශය ප‍්‍රථම වරට සංවිධානය කරන ලද පාලි හා බෞද්ධ අධ්‍යයනය පිළිබඳ ප‍්‍රථම අන්තර්ජාතික පරිසංවාදය 2016 ඔක්තෝම්බර් 13 වැනි දින මානව ශාස්ත්‍ර පීඨ පරිශ‍්‍රයෙහි දී පැවැත්විණ.
‘‘බුදුදහම හා නූතන සමාජය’’ යන්න තේමාව කරගත් මෙම පරිසංවාදයේ ප‍්‍රධාන දේශනය කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුමනපාල ගල්මංගොඩ මහතා විසින් පවත්වන ලදී.

මෙම පරිසංවාදයේදී පුද්ගල පෞරුෂය හා මානව අයිතිවාසිකම් පිළිබඳ බෞද්ධ විග‍්‍රහය, බෞද්ධ සමාජ දර්ශනය, බුදුදහම හා සංස්කෘතිය, බෞද්ධ සාහිත්‍යය, භික්ෂු සමාජය හා සමකාලීන ප‍්‍රශ්න, බුදුසමය හා නූතන සමාජ ගැටලු, බෞද්ධ මනෝවිද්‍යාව හා සංස්කෘතිය, නැගෙනහිර ආසියාතික බෞද්ධ රටවල් හා සංස්කෘති, බුදුදහම හා තුලනාත්මක සමය අධ්‍යයනය, බෞද්ධ කලාව, ගෘහනිර්මාණ හා ශිෂ්ටාචාරය ආදී විවිධ ප‍්‍රස්තුත යටතේ බෞද්ධ අධ්‍යයනය පිළිබඳ ප‍්‍රථම උපාධි අපේක්ෂක විද්‍යාර්ථීන්ගේ ඉදිරිපත් කිරීම් පනස් දෙකක් (52) සාකච්ඡාවට ගැනින.

මෙම අවස්ථාවට කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර මහතා, මානවශාස්ත‍්‍ර පීඨයේ පීඨාධිපති මහාචාර්ය ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා, පර්යේණ සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එම්.ජේ.එස් විජේරත්න මහතා, පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය පූජ්‍ය තැරූලේ ධම්මරතන හිමි, අංශාධිපතිවරුන්, මහාචාර්ය පූජ්‍ය මකුරුප්පේ ධම්මානන්ද හිමි ,ආචාර්ය පූජ්‍ය දෙණියායේ පඤ්ඤාලෝක හිමි ඇතුළු මහා සංඝරත්නය , අධ්‍යයන කාර්ය මණ්ඩලය, දෙස් විදෙස් විද්වත්හු හා විද්‍යාර්ථීහු රැසක් සහභාගි වූහ.

View the embedded image gallery online at:
http://media.kln.ac.lk/#sigFreeIdd1eaa0f11f

 

A three-day workshop on “ABCD Information and Document Management Software”

  • Print
  • E-mail

A three-day workshop on “ABCD Information and Document Management Software”

The Department of Library and Information Science of the Faculty of Social Sciences organized a three-day workshop on “ABCD Information and Document Management Software” which was held on 11th October 2016 at the Faculty of Social Science.

The objective of this workshop is to train postgraduate and undergraduates and the working librarians in public, university, special and school libraries in Sri Lanka in order to make them aware and to offer advanced skills in using ABCD Information and Document Management Software for information and library system management.

The resource person of the three-day program was Dr. Egbert de Smet, Professor of Information and Library Science at Antwerp University Belgium. Professor Smet arrived to the Department of Library and Information Science under the Visiting Fellowship Program offered by the University of Kelaniya and he will stay here for one month.

 

View the embedded image gallery online at:
http://media.kln.ac.lk/#sigFreeId9b15c06329

 

සේවය ඇගයේ

  • Print
  • E-mail

කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති කාර්යාලයේ (කාර්යාල කාර්ය සහයක) සේවයේ නියුතු ඩී.පී. ආරියරත්න මහතාගේ විශ්‍රාම යාම හා සේවය ඇගයීම නිමිති කොට සංවිධානය කළ උත්සවයක් 2016 සැප්තැම්බර් මස 05 වන දින විශ්වවිද්‍යාල සේවක පොදුකාමරයේදී පැවැත්විණ.

මෙම අවස්ථාවට උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර මහතා, විද්‍යාපීඨයේ පීඨාධිපති මහාචාර්ය කපිල සෙනෙවිරත්න මහතා, ලේඛකාධිකාරි, මූල්‍යාධිකාරි ඇතුළු පරිපාලන නිලධාරින් හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය සහභාගි වූහ.

Read more...

 

මහාචාර්ය එස්.ජේ. යෝගරාජා මහතාට කමිටු සාමාජික තනතුරක්

  • Print
  • E-mail

කැලණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨයේ වාග් විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය එස්.ජේ. යෝගරාජා මහතා ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ භූගෝලීය ස්ථාන නාමයන් ප්‍රමිතිකරණ කම්ටුවේ (දෙමළ භාෂාව) කමිටු සාමාජිකයෙකු ලෙස පසුගියදා පත්කර තිබේ.

 

Page 1 of 122

News Paper Article

Paper cuttings

News Archeive

No of visits


mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter